ගමන ප්ලෑෂ් සේවාව ඔබ රජයේ හෝ පෞද්ගලික කාර්යයාලයකින් වාසස්ථානයකින් යම් පාර්සලයක් , ලිපියක් , ලියවිල්ලක් වගකීමක් සහිතව ලබාගැනීමට හෝ භාරදීමට හඳුන්වා දී ඇති සේවාවකි. මෙය ඉතා විශ්වාසනීයව හා ආරක්ෂිතව නියමිත වේලාවටම පුහුණු පළපුරුදු කාර්යමංණ්ඩලයක් හරහා සිදුකරන සේවාවක් වේ. මෙහිදී අප විසින් ම ලියාපුරවා යම් කාලයක් බලා සිටීමට සිදුවන කටයුත්තක් නම් ඔබේ කැමැත්ත මත යම් අමතර සුළු දීමනාවක් මත ඊට එකඟව සේවා සැපයීමට අප සූදානම් ය. මෙහිදී ඔබ තෝරා ගන්නා අවශ්‍ය කාලය අනුව ගාස්තු අය කරන අතර ඔබගේ නියෝජිතයෙකු ලෙසද අපට සේවාව ලබා දිය හැකි අතර ඒ සඳහා කිසිදු මුදලක් අමතරව අය නොකෙරේ. අවිස්සාවේල්ලේ සිට කොළඹ අවට සැපයෙන සේවාවන් සඳහා අය කරන ගාස්තු පහත දැක්වේ. පැය ගාස්තුව 24:00 12:00 07:00 03:00 රු: 430/= රු: 720/= රු:1600/= රු:2500/= 2500/= පැකේජය හැර අනෙක් පැකේජයන් වලට අදාල නියමිත වේලාවට සේවාව නොලැබුණේ නම් ගාස්තු ආපසු ලබා දීමේ වගකීම ඇත